ජනතාව මත අලුත් බදු හඳුන්වා දෙමින් තවදුරටත් බර පැටවීම සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
බදු ජාලය පුළුල් කරමින් බදු අය කරගත යුතු පිරිස ඊට ඇතුළත් කර ගනිමින් අදායම් ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ජාත්‍යන්තර සංවිධාන පවා අපේක්ෂා නොකළ වේගයකින් රට ආර්ථිකමය වශයෙන් නැගී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඒ සියලු ජයග්රහණයන් ජනතාවට හිමිවිය යුතු බවයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1
1



