අලුත් කතානායකවරයා හමුවෙන්න චීනයෙන් එයි

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි, ක්වින් බොයෝන්ග් මහත්මිය පසුගිය දා (18) කතානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදු වූ බවයි පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය අගයමින් කතානායකවරයා, ක්වින් බොයෝන්ග් ඇතුළු දූත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් මෙහිදී පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තු සහයෝගීතාව, තිරසාර සංවර්ධනය, වෙළෙඳාම, කෘෂිකර්මය, කර්මාන්ත සහ අනෙකුත් බහුපාර්ශ්වික කටයුතුවලදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම කතානායකවරයා මෙහි දී අවධාරණය කරනු ලැබුවා.

2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජය කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළා.

විශේෂයෙන් ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගයේ දී චීනය ලබාදුන් සුවිශේෂී සහාය කතානායකවරයාගේ ඇගයීමටවුණා.

ක්වින් බොයෝන්ග් උප සභාපතිනිය, කතානායක ධුරයට අභිනවයෙන් පත්වූ ජගත් වික්‍රමරත්නට සිය සුබපැතුම් එක් කර සිටියා.

ශ්‍රී ලංකාවේ නව රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය දැක්වීමට චීනය සූදානම් බව ඇය මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22