අලුත් අවුරුදු මැද දේශපාලන ඩීල් දිගටම – තරුණ මන්ත්‍රීවරයෙකුට ක්‍රීඩා ඇමතිකම යෝජනා කරයි ?

නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඉතා අවම කැබිනට් මණ්ඩලයක් යටතේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් යටතේ නව අමාත්‍ය මණ්ඩලය ස්ථාපිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීම හෝ සභාග රජයක් පත් කිරීම හෝ ජාතික ආණ්ඩුවක් පත් කිරීම සිදු කළ යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් පවසා ඇතත් එය ක‍්‍රියාත්මක නොවන තත්වයක් පවතින බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහාය ලබා ගැනීමට අදහස් කර ඇති නමුත් එම පක්ෂවල මතය වී ඇත්තේ මේ වන විට ස්වාධීන වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහායද ලබා ගෙන අන්තර්වාර පාලනයක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමයි.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයාට සෞඛ්‍ය අමාත්යාංශය ද, උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාට සංස්කෘතික අමාත්‍යාංශය ද, වතුකරය නියෝජනය කරනු ලබන තරුණ මන්ත්‍රීවරයෙකුට ක්‍රීඩා ඇමතිකම ද ලබාදීමට කැමති බවට රජයේ පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මිට අමතරව ආණ්ඩුවේ බහුතරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මුස්ලිම් පක්ෂ නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ලබාදීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37