අලුත් අවුරුද්දට සිංහරාජයත් වැසේ

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් සිංහරාජය කුඩව වන පිවිසුම අද (12) දිනයේ සිට වසා තබන බව සිංහරාජ වන පාලක කාර්යාල දැනුම් දෙනවා.

ඒ, අනුව 12,13,14, 15 යන දිනයන්වල දී සිංහරාජ වන පිවිසුම දෙස් විදෙස් සංචාරකයි සඳහා වසා තබන බවයි එම කාර්යාලය සඳහන් කළේ.

කුඩව පිවිසුම වසා තැබෙන දිනවල දී සිංහරාජය වනාන්තරය නැරඹීමට නොහැකි බවත් එම නිසා එම දිනවලදී වනාන්තරය නැරඹීමට නොපැමිණෙන ලෙස සිංහරාජ වන කාර්යාලය සංචාරකයන්ගෙන් හා සංචාරකයන් රැගෙන එන පිරිස්වලින් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?