එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අනිද්දා (09) දිනයේ සිට
විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
මේ සඳහා ශ්‍රී ලංගම බස් රථ පමණක් 1500 ක් සේවයට යෙදවිමටයි සැලසුම් කර ඇත්තේ.
අනිද්දා (09) දිනයේ සිට ලබන 13 වන දින දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වනවා.
එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම වෙනුවෙන් අප්‍රේල් 17 වනදා සිට 21 වනදා දක්වා විශේෂ බස්රථ සේවාවක් ද ක්‍රියත්මක බවයි ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ලබන 09 වන දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර අතර, එම කොමිෂන් සභාව පැවසුවේ මගී අවශ්‍යතාවය අනුව
අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ලබන 10 වනදා සිට දුම්රිය දෙපාර්තමේන්තුව ද අලුත් අවුරුද්ද නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් ද අනිද්දා දිනයේ දී නැවත ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හෙට (08) දිනයේ දී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.













