අලුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක මුදල් කොල්ලකයි (වීඩියෝ)

අළුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක් කඩා එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් මදුරන්කුලිය පොලිසිය ආරම්භ කර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී 11.45ට පමණ මෙම කොල්ලය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මදුරන්කුලිය මංගළඑළිය – 10 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල පෞද්ගලික බැංකුවක් විසින් සවි කර ඇති ATM යන්ත්‍රයක් සැකකරුවන් විසින් මෙලෙස කඩා මුදල් රැගෙන ගොස් ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 11.45ට පමණ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයට පැමිණ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට ප්‍රකාශ කර ඇත්තේ ATM යන්ත්‍රයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් සඳහා තමන් පැමිණි බවයි.

ටික වේලාවකින් අදාළ පුද්ගලයන් තුන්දෙනා පිටත්ව ගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින් එම අවස්ථාවේ දැක ඇත්තේ ATM යන්ත්‍රය කඩා ඇති බවයි.

ඒ අනුව සිද්ධිය පොලිසියට දැණුම් දීමට එම සේවකයින් කටයුතු කර තිබෙනවා.

ATM යන්ත්‍රයේ තිබී කොපමණ මුදලක් කොල්ලකා ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

https://www.youtube.com/watch?v=pHuADVwWYmk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28