අලුත්ගම දර්ගා නගරයේ පාසල් සිසුන්ට මදන මෝදක විකුණපු 64 සීයා

අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල පාසල් සිසුන්ට ගංජා අඩංගු මදන මෝදක විකුනමින් සිටි 64 වියේ පසුවන සැකකරුවෙක් අලුත්ගම පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශ නිලධාරීන් ඊයේ (16) කල වැටලීමකින් අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

බස්නාහිර පලාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයක් මත සිදුකල පාසල් ආශ්‍රිතව සිදු කරන මෙහෙයුමක් අනුව අලුත්ගම පොලිස් වසමේ පාසල් ආශ්‍රිතව සිදුකළ වැටලීමේදී රුපියල් පනස් දහසකට ආසන්න වෙළෙඳ වටිනාකමකින් යුතු මදනමෝදකසමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ,පොලිස් සැරයන්වරුන් වන දුමින්ද, අනුප්‍රිය,පො.කො සමීර යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?