අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය. ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව මීට පෙර විභාගයටගත් අවස්ථාවේ දී මූලික විරෝධතාවක් මතු කළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත්කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වාදුනි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09