අල්ලස් ගන්න ගිය මරණ පරීක්ෂක අත්අඩංගුවට

පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය ත්‍රීකුණාමලය මහා රෝහලේ තාවකාලික මරණ පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ පුද්ගලයකු සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පැමිණිලිකරුගේ මියගිය බාප්පාගේ මරණ පරීක්ෂණය සිදු කර දීම සඳහා රුපියල් 7,500ක මුදලක් සැකකරු අල්ලස් වශයෙන් ලබාගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නැවත මරණ සහතිකය ලබා ලබාගැනීමට අවශ්‍ය මරණ පරීක්ෂක වාර්තාව ඉක්මනින් ලබාදීම සඳහා රුපියල් 3000ක් ඉල්ලා එම මුදල සැකකරුගේ නිවෙස තුළ දී ලබා ගන්නා අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර මරණ පරීක්ෂකවරයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?