අල්ලස් ගන්න ගිය මරණ පරීක්ෂක අත්අඩංගුවට

පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය ත්‍රීකුණාමලය මහා රෝහලේ තාවකාලික මරණ පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ පුද්ගලයකු සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පැමිණිලිකරුගේ මියගිය බාප්පාගේ මරණ පරීක්ෂණය සිදු කර දීම සඳහා රුපියල් 7,500ක මුදලක් සැකකරු අල්ලස් වශයෙන් ලබාගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නැවත මරණ සහතිකය ලබා ලබාගැනීමට අවශ්‍ය මරණ පරීක්ෂක වාර්තාව ඉක්මනින් ලබාදීම සඳහා රුපියල් 3000ක් ඉල්ලා එම මුදල සැකකරුගේ නිවෙස තුළ දී ලබා ගන්නා අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර මරණ පරීක්ෂකවරයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48