කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙක් සහ එම විනිසුරුවරයාගේ බිරිඳ අල්ලස් ලබා ගැනීමක් සම්බන්දව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දික්කසාද වී ඇති සැමියා විසින් දරුවන් වෙනුවෙන් මාසිකව ලබාදෙන නඩත්තු මුදල, කාර්ති උසාවිය මඟින් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට මාසිකව රුපියල් 300ක මුදලක් සහ දැනට නඩත්තු මුදල ලෙස ගෙවනු ලබන රුපියල් 18,000 ක මුදල වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා රුපියල් 2000ක මුදලක් වශයෙන් සම්පූර්ණ වශයෙන් රුපියල් 2,300ක මුදලක් අල්ලස් ලෙස මේ වන විට සැකකරුවන් විසින් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





