logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

අරාබි මුහුද රළු වෙයි – නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ කාලගුණය අයහපත් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝ මීටර් 70-80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවයි අනතුරු අඟවන්නේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව ද කාලගුණ අංශ අනතුරු අඟවා සිටිනවා.

මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශයේ නාවික හා ධීවර කටයුතුවල නිරත පුද්ගලයින්ට වහාම එම ප්‍රදේශයන්ගෙන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථානය වෙත ගමන් කරන ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?