AFC Banner
AFC Banner
Empty Ad

අර්ජුන ඇලෝසියස්ට අගරු චෙක් නඩුවකින් ඇප

නෙප්චූන් පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන දෙකක අගරු චෙක්පත් එම ආයතනයට ලබා දී වංචාවක් කළ බව කියන අර්ජුන් ඇලෝසියස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙලා මහතා අද (25) නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; එම සිද්ධියට සම්බන්ධ බව කියන එම ආයතනයේ සෙසු අධ්‍යක්ෂකවරයකු වන චමින්ද සනත් බණ්ඩාර නමැත්තකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට සිතාසි නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණු බවයි.

ඉහත සඳහන් ආයතනය මගින් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනුණා.

බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිටින අර්ජුන ඇලෝසියස් අද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?