අර්චුනාගේ කටට පාර්ලිමේන්තුවෙන් වාරණයක් – මින් ඉදිරියට සජීවීව විකාශය කරන්නේ නෑ

ඉදිරි දින 08ක කාලයක් තුළ පාර්ලිමේන්තුවේ දී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා විසින් සිදු කරන ප්‍රකාශ කිසිවක් සජීවී ව මාධ්‍ය වෙත මුදා නො හරින බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (19) වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අරඹමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව හෙට (20) සිට දින 08ක කාලයක් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල විකාශ කිරීම අත්හිටුවා තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලබන ඇතැම් ප්‍රකාශ ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන්සහගත ප්‍රකාශ ලෙසටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව, අර්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන්සහගත ප්‍රකාශ, අසෝබන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බව කතානායකවරයා ප්‍රකාශ කළා.

මෙම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?