අරලගංවිල – ඇල්ල වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත්වූ සිව්දෙනාගෙන් රෝහල් ගතකළ දෙදෙනාත් මියගොස් තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය රෝහලට මොවුන් දෙදෙනා ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඒ, අනුව මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හතරක්.
Update – Sunday, June 8, 2025, 12.35PM
පොළොන්නරුව, අරලගංවිල ඇල්ල වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙක් දියේ ගිලී අනතුරකටලක්ව තිබෙනවා.
එලෙස දියේ ගිලුනු සිව්දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ.
අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අදාළ පිරිස අද (08) පෙරවරුවේ ඇල්ල වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ දියේ ගිලුණු සිව්දෙනා අතර අඹු සැමි යුවළක් මෙන්ම මවක සහ දියණියක් සිටින බවයි.















