Update – අරලගංවිල – ඇල්ල වැවේ ගිලී මියගිය ගණන ඉහළට (වීඩියෝ)

අරලගංවිල – ඇල්ල වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත්වූ සිව්දෙනාගෙන් රෝහල් ගතකළ දෙදෙනාත් මියගොස් තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩිය රෝහලට මොවුන් දෙදෙනා ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව හතරක්.

Update – Sunday, June 8, 2025, 12.35PM

පොළොන්නරුව, අරලගංවිල ඇල්ල වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙක් දියේ ගිලී අනතුරකටලක්ව තිබෙනවා.

එලෙස දියේ ගිලුනු සිව්දෙනාගෙන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ.

අනෙක් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාළ පිරිස අද (08) පෙරවරුවේ ඇල්ල වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ දියේ ගිලුණු සිව්දෙනා අතර අඹු සැමි යුවළක් මෙන්ම මවක සහ දියණියක් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54