AFC Banner
Empty Ad
Empty Ad

අරගල බිමට පැමිණි නන්දා මාලනිය තරුණ තරුණියන්ට කියූ දේ

ආණ්ඩුවට එරෙහි විරෝධාතාවයන්ට සහාය පළ කරමින් අද (12) උදෑසන ගාලු මුවදොර විරෝධතා භූමියට ප්‍රවීණ ගායන ශිල්පිණි නන්දා මාලිනී මහත්මිය එක්ව සිටියාය.

තරුණයින් එක්ව රට පුරා නඟන හඬ ජයග්‍රහණය කරා යන දිනය වැඩි ඈතක නොවන බව ද පැවසු ඇය එයට ශක්තියක් වීමට තමා ද විරෝධතාවයට එක්වන බව පැවසුවාය.

“යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්..”
යන ගීය ගායනය කරමින් ඇය පවසා සිටියේ, එම ගීතය වෙනදාට වඩා අද සිටින දරුවන් ට හොඳින් වැටහී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය පවසාසිටියේ කවදාහෝ නොව බොහොම ඉක්මනින් මේ තරුණ ජවයට ජය හිමිවන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?