අරගලයේ වන්දි හොර පාරෙන් ගත්තා යැයි,චෝදනා කරමින් පෙත්සමක්

දිවයින පුරා 2022 වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පාරිසරික නීතිවේදියෙක් වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර ඇති අතර මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?