අරගලකරුවන්ට පහරදීම ලැජ්ජා සහගතයි – නීතීඥ සංගමය

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට ඊයේ (21) රාත්‍රීරියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකින බව එහි සභාපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට සහ ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා පත් වූ පළමු දිනයේ දී මෙම ප්‍රහාර එල්ලවීම ලැජ්ජා සහගත බවයි.

අදාල සිදුවීම සිදුව අවස්ථාවේ තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් දෙදෙනෙකුට ද හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වුණා.

ගාලුමුවදොර අරගල භූමියට ඇතුළුවන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව බවයි වාර්තා වුණේ.

එහිදී ආරක්ෂක අංශ විසින් අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂික අන්දමින් පහර දී ඇති අතර ජනාධිපති
ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සිදුකළ පහරදීම් වලින් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත බවයි වාර්තා වන්නේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?