අරගලකරුවන්ට පහරදීම ලැජ්ජා සහගතයි – නීතීඥ සංගමය

ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට ඊයේ (21) රාත්‍රීරියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකින බව එහි සභාපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කරනවා.

සිය නිල ට්විටර් ගිණුමට සහ ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා පත් වූ පළමු දිනයේ දී මෙම ප්‍රහාර එල්ලවීම ලැජ්ජා සහගත බවයි.

අදාල සිදුවීම සිදුව අවස්ථාවේ තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් දෙදෙනෙකුට ද හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය විරෝධතා භූමියට ආරක්ෂක අංශ ඇතුළු වුණා.

ගාලුමුවදොර අරගල භූමියට ඇතුළුවන සියලු මාර්ග, මාර්ග බාධක යොදා අවහිර කරමින් මෙලෙස අරගල භූමියට පිවිස ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව බවයි වාර්තා වුණේ.

එහිදී ආරක්ෂක අංශ විසින් අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂික අන්දමින් පහර දී ඇති අතර ජනාධිපති
ලේකම් කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඉදිකර තිබූ අට්ටාලය සහ මාර්ග බාධකය අත්පත් කරගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ සිදුකළ පහරදීම් වලින් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත බවයි වාර්තා වන්නේ.

1 6
  1. aney yako Saliya pako thoge dath kuttam hatharak athi pimbichcha hombatath ariyanam thamayi watinne ! BASL eka dan Bastard Association of Shit Lawyers bawata path kaley tho – pissu balu narumaya. mariyan

  2. For the attention of All the Human Right Officers all over the globe.
    This is state terrorism happening in Srilanka right now. Mr. President of Srilanka should understand the power of people and listen to the voice of people.They are in the fuel Que, gas Que, power cut for many years, people are under starvation etc..and people are going through a turmoil period .Having all these crucial issues at present,He shouldn’t give inhuman orders to attack innocent unarmed protestors in this manner. People have the right to Protest.
    Mr.President should understand that he was crowned as the President because of Aragalaya, and he should look into aspirations of the protestors without harming them brutally. We condemn State terrorism.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18