අයි.පී.එල්. පිටියේ පෙරළිකාරයා මතීෂ ගැන හර්ෂා බෝග්ලිගෙන් අමුතුම කතාවක්

අයි.පී.එල්. තරගවලියේ තවත් තරගයෙක් ඊයේ (21) රාත්‍රියේ පැවැත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි.

චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් චෙන්නායි පිළ ජයගත්තේ කඩුලු 07කින්.

තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුව පන්දුවාර පහරදුන් හයිද්‍රාබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 134ක් රැස් කළා.

එහිදී ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු 34ක් සහ රාහුල් ත්‍රිපාටි ලකුණු 21ක් රැස්කළ අතර, අනෙකුත් ක්‍රීඩකයින්ට එතරම් ලකුණු අතරට පැමිණීමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

හයිද්‍රාබාද් ක්‍රීඩකයින් ලකුණු 134 සීමාවේ රඳවා ගැනීමට දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ රවීන්ද්‍ර ජඩේජා සහ මහීෂ් තීක්ෂණට හැකියාව ලැබුණු අතර, එහිදී ජඩේජා ලකුණු 22ක් තුළ කඩුලු 03ක් සහ තීක්ෂණ සිය පන්දුවාර 04 තුළ ලකුණු 27ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවාගත්තා.

යළිත් වරක් අවසන් පන්දුවාර කිහිපයේ දී මතීෂ පතිරණ කෙරෙහි විශ්වසය තැබූ නායක මහේන්ද්‍ර සිං දෝනි හයිද්‍රාබාද් ඉනිමේ 18 වන සහ 20 වන පන්දුවාර යැවීමේ වගකීම ඔහුට පැවරුවා.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ සිය පන්දුවාර 04 තුළ ලකුණු 22ක් පමණක් ලබාදෙමින් ප්‍රතිවාදී හයිද්‍රාබාද් ඉනිමේ හෙන්රිච් ක්ලාසන්ගේ කඩුල්ල දවා ගත්තා.

ඉන් අනතුරුව ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට චෙන්නයි ආරම්භක පිතිකරු යුගළය පිටියට පිවිසි අතර, මේ වනවිටත් සිය පිත්තේ රිදම මැනවින් හඳුනාගෙන සිටින ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ අගනා ඉනිමක් ක්‍රීඩා කළා.

චෙන්නායි පිළ ආරම්භයේ සිටම ජයග්‍රහණය කරා රැගෙන ගිය ඩෙවොන් කොන්වේ නොදැවී ලකුණු 77ක් රැස්කළ අතර අනෙක් ආරම්භක පිතිකරුවා වූ රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 35ක් රැස්කිරීමට සමත් වුණා.

ඒ, අනුව චෙන්නායි පිළ පන්දුවාර 18යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

මේ අතර මෙම තරගයෙන් අනතුරුව චෙන්නායි පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව ඉන්දීය ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලි විසින් සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

“ශ්‍රී ලාංකේය රසික රසිකාවියනි, ඔබට මතීෂ පතිරණ නම් මැණික ලැබෙන්නට ඉඩ ඇත. දෝනි ඔබ වෙනුවෙන් ඔහුව සූදානම් කරනවා” යනුවෙන් හර්ෂා බෝග්ලි සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇති අයුරු දැකගත හැකි වුණා.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත් ජාවාරම්කරුවන්ට ඇප දෙන්නේ නෑ..?
04:49
Video thumbnail
අන්තරේ කොල්ලෝ ජනාධිපති ලෙක්ම් කාර්යාලයට
05:43
Video thumbnail
සාලයෙක් උස්සගෙන ආ අසේල ආණ්ඩුව සැරටම අමතයි
04:21
Video thumbnail
මහින්ද අමරවීරට කට්ටියම එකතුවෙලා දීපු Surprise එක
03:56
Video thumbnail
එක එක වනචාරියෝ ඉන්නවනේ..අ#න්න ඕනි ඔළුවටම හි# වෙන්න..ලාල් කාන්ත වනචාරීන්ට සැරටම කිව්ව දේ
01:53
Video thumbnail
සජිත් ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි l Sajith l Marikkar
14:20
Video thumbnail
මෘත ශරීරවලට අයිස් ග#ලා කොරිඩෝවේ දාලා තියන තංගල්ල මූලික රෝහල..බ#ලෝ බළල්ලු වගේ කුණු වෙනවා
05:26
Video thumbnail
ග#පන් සසිරු ග#පාන් - සිඟිති පාතාලේ කෙල්ලොන්ගේ වීරයා
02:35
Video thumbnail
කස්සප හිමිගේ ඇස් පනාපිට සිදුවූ අසාධාරණයක් ගැන හිමි කිව්ව දේ..උඹට පුළුවන් දෙයක් කරපන් කියලා මට කිව්වා
02:46
Video thumbnail
ගෙවල් ගිනි තිබ්බ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න
25:09


?