අයි.එම්.එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට

අද මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින්ජා ත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව සභාගත කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනිද්දා වැඩ භාර ගැනීමට නියමිත බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වනවිට එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි.

බී බී සී පුවත් සේවයට අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ තමාට එම තනතුර භාර ගන්නා ලෙස ආරාධනා කර ඇති අතර තමා ඊට එකඟ වූ බවයි.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් ආචාර්ය නන්දලාල් වීරසිංහගේ පත්කිරිම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති අතර එහි ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ නව පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

තමා අනිද්දා ලංකාවට ගිය පසුව මහ බැංකු අධිපති තනතුර භාර ගන්නා බව ආචාර්ය නන්දලාල් වීරසිංහ බී.බී.සී පුවත් සේවය සමඟ ප්‍රකාශ කර තිබුණා.

එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණ පවතින තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවයි.

2011 වසරේ සිට 2020 වසර දක්වා ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරය දරනු ලැබුවා.

ඔහු මේ වනවිට ඕස්ටේ්‍රලියාවේ ජීවත් වෙමින් ස්වාධීන උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.

2010 වසරේ සිට 2012 වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ද ඔහු සිය සේවය සපයනු ලැබුවා.

ඒ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වශයෙන්.

මේ අතර මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද පෙරවරුවේ මහ බැංකුව දැනුම් දීමටයි නියමිතව තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46