අයිස් හැදූ හම්බන්තොට නිවාඩු නිකේතනයක් වටලයි – රසායනික ද්‍රව්‍ය ඇතුළු බඩු තොගයක් සොයාගෙන

කළුතර අපරාධ කොට්ඨාසය මඟින් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින ‘ඇඹිලිපිටියේ සුරංග’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වටලා තිබෙනවා.

එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන යොදාගත් බවට සැක කෙරෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක මෝටර් රථයක් සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ දී වයස අවුරුදු 21ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එම නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් පනස්දෙකක කෑන් 14ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැකකරන තවත් උපකරණ රැසක් ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව අදාළ නිවාඩු නිකේතනයේ නවතා තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ නමට ලියාපදිංචි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම රථය මීට පෙර පොලිස් නිලධාරියකු මගින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෝටර් රථයක් බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර අදාළ නිවාඩු නිකේතනය තුළ ඉරාන ජාතිකයින් කිහිපදෙනෙකු සහ මෙරට පුද්ගලයින් කිහිපදෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම ඉරාන ජාතිකයින් මේ වන විට මෙරටින් පළා ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අනිත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා.

මේ අතර අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු අද (15) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
10
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21