අයිස් සමඟ 17 හැවිරිදි සිසුවියක් 30 හැවිරිදි පෙම්වතා එක්ක මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන වාද්දුව මුහුදු වෙරළේ රැඳී සිටි 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා.

සැකකාර යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද සඳහන්.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් සහ පානය කරන උපාංග සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

පොලිසිය සඳහන් කළේ, අදාළ සිසුවිය සන්තකයේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ, සිය පෙම්වතා විසින් අදාළ මත්ද්‍රව්‍ය ආරක්ෂාවට තමා සන්තකයේ තැබූ බවයි.

තමන් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර මෙම මත්ද්‍රව්‍ය පෙම්වතා විසින් ලබා දී ඇති බව ඇය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?