අයිස් සමඟ 17 හැවිරිදි සිසුවියක් 30 හැවිරිදි පෙම්වතා එක්ක මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන වාද්දුව මුහුදු වෙරළේ රැඳී සිටි 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා.

සැකකාර යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද සඳහන්.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් සහ පානය කරන උපාංග සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

පොලිසිය සඳහන් කළේ, අදාළ සිසුවිය සන්තකයේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ, සිය පෙම්වතා විසින් අදාළ මත්ද්‍රව්‍ය ආරක්ෂාවට තමා සන්තකයේ තැබූ බවයි.

තමන් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර මෙම මත්ද්‍රව්‍ය පෙම්වතා විසින් ලබා දී ඇති බව ඇය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15