අයිස් ජාවාරමේ නිරත CTB ඩ්‍රයිවර් බිරිඳත් සමඟ මාට්ටු

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ලංගම බස් රියදුරෙක් සහ ඔහුගේ බිරිඳ වැලිමඩ, අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මත ඌව පරණගම, රහුපොල ප්‍රදේශයේ දී සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නම් කිරීම්වල දී ජාවාරමට සම්බන්ධ ඇයගේ සැමියා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ බස් රථයක් ධාවනය කරමින් සිටිය දී සැකකාර සැමියා ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඔහු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සැමියා කැප්පෙටිපොල ලංගම ඩිපෝවට අනුයුක්තව රාජකාරී කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දිගු කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, අඔගස්දෝව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?