අයිය මලෝ එකතු වෙලා ලක්ෂ 12 ක දේපළට විද්ද හැටි හෙළිවෙයි

පිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට එක් සැකකරුවෙක් බස් කොන්දොස්තරවරයෙකු බවත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 60 ක් පොලිස් බාරයට ගෙන ඇත

ඉකුත් නොවැම්බර් මස 1 සැකකරුවන් දෙදෙනා එක්ව ජංගම දුරකථන අලෙවි ආයතනයේ බිඳ ටැබ් යන්ත්‍ර තුනක් ස ජංගම දුරකථන, හා ඒවා අලුත්වැඩියා කිරීමේ උපකරණ අමතර කොටස් තොගයක් සහිත රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා දේපල සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා එම දේපළ මුහුණු පොත සහ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය ලබාදී විකුණා තිබූ බව පොලිසිය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?