අයියාගේ නිවසේ සොරකමේ ආ මල්ලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වැඩිමල් සහෝදරයාගේ නිවසේ සොරකමේ පැමිණි බල සහෝදරයා විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් අම්බලන්තොට, මාමඬල, යාය 11 ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තැනැත්තෙක් වන අතර, මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයාගැනීමට විවිධ සොරම්වල නිරතව ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ජීවිතක්ෂයට පත්වූ මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොහු ඊයේ (24) රාත්‍රියේ තම වැඩිමල් සහෝදරයාගේ නිවසට සොරකමේ ගිය අවස්ථාවේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ තිබෙන ත්‍රීරෝද රථයේ ආරක්ෂාව සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී මෙලෙස මියගොස් තිබෙනවා.

සහෝදරයාට විදුලි සැර වැදීමෙන් පසු වැඩිමල් සහෝදරයා විසින් ඔහුගේ දෑත් දෙපා ගැටගසා ඇති බවට ද තොරතුරැ වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?