අයියාගේ නිවසේ සොරකමේ ආ මල්ලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

වැඩිමල් සහෝදරයාගේ නිවසේ සොරකමේ පැමිණි බල සහෝදරයා විදුලිසැර වැදීමෙන් මියගිය පුවතක් අම්බලන්තොට, මාමඬල, යාය 11 ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තැනැත්තෙක් වන අතර, මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයාගැනීමට විවිධ සොරම්වල නිරතව ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

ජීවිතක්ෂයට පත්වූ මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මොහු ඊයේ (24) රාත්‍රියේ තම වැඩිමල් සහෝදරයාගේ නිවසට සොරකමේ ගිය අවස්ථාවේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ තිබෙන ත්‍රීරෝද රථයේ ආරක්ෂාව සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී මෙලෙස මියගොස් තිබෙනවා.

සහෝදරයාට විදුලි සැර වැදීමෙන් පසු වැඩිමල් සහෝදරයා විසින් ඔහුගේ දෑත් දෙපා ගැටගසා ඇති බවට ද තොරතුරැ වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40