අයහපත් වූ කාලගුණයෙන් නේපාලයේ 47 දෙනෙක්ට දිවි අහිමි වෙයි

නේපාලයේ පසුගිය දින කිහිපයේ දී අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අතරින් ඉලාම් දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් දිවි අහිමි වූ පුද්ගලයින් තිස් පස් දෙනෙක් සිටින බවයි පැවසෙන්නේ.

එමෙන්ම හිමාලයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ගංවතුරට ගසාගෙන ගොස් නව දෙනෙක් අතුරුදහන් වී ඇති අතර තවත් ප්‍රදේශ කිහිපයක අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?