AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් ජීවිත 10ක් අහිමිවෙයි – හයක් අතුරුදන්

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අහිමි වූ ජීවිත ගණන 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ, අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ අතර බලපා ඇති අයහපත් කාලගුණය නිසා පුද්ගල අතුරුදන් වීම් 06ක් ද වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙක් සහ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර ඊයේ (02) පස්වරු 6.00 වන විට ජලගැලීම් හේතුවෙන් ජලයෙන් යට වී ඇති මාර්ග සම්බන්ධ විස්තරයක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර තිබෙනවා.

1 2
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?