අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද – පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය දීමේ සූදානමක්

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (21) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව ද අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමටයි තීරණය කර ඇත්තේ.

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය පසුගිය 14 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?