අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද – පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය දීමේ සූදානමක්

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (21) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව ද අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමටයි තීරණය කර ඇත්තේ.

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය පසුගිය 14 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45