අයවැයෙන් කිසිම සහනයක් දෙන්න බෑ.. තව බර පටවන්න වෙනවා කියා බැසිල් කිවුවා

ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇතිවෙන තත්ත්වයක් මෝරාගෙන එන්නේ යැයි සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඒ මහතා මෙසේ අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් අපවත්වී තෙමසක් පිරීම සහ අදට (14 වැනිදා) යෙදෙන උන්වහන්සේගේ 69වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇල්පිටිය ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ලේ දන් දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ඔහු මෙසේද කීය.

“දැන් තියෙන දේශපාලන තත්ත්වෙ නම් දරුණුයි. පවතින ආර්ථික තත්ත්වය පදනම් කරගෙන දැනටම අයවැය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා එන අයවැයේ දී ජනතාවට, රටට සහන මුකුත් දෙන්න හම්බ වෙන්නේ නැහැ යම් බරක් පටවන්න සිද්ධ වෙනවා යි කියලා.

ඒ කියන්නේ ඔහු අපි දන්නවා දේශපාලන වශයෙන් දකුණට බරයි. ඇමරිකාවේ පුරවැසියෙක් හැටියටත් ඇමරිකාවේ දේශපාලනයටත් බරයි. මේ තත්ත්වය තුළින් අපිට හිතන්න පුළුවන් ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇති වෙන තත්ත්වය මෝරගන එනවයි කියලා. බඩු මිල පාලනය කිරීමට දැන් හදිසි නීතියක් පනවලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ දීමට යම් පියවර ගන්න. ඒක හරි විදිහට ක්‍රියාත්මක කරොත් නම් ඒකෙන් යම් සහනයක් තියෙයි. නමුත් ඒවා අපි කලින් ඉතිහාසය දන්නවා කියන කතා කෙරෙන දේවල් නෙවෙයි. අපි ප්‍රාර්ථනා කරනවා ඒක හරියට කරයි කියලා. මේ තත්ත්වය යටතේ ආයතන තුළ රැකියා අවස්ථා අඩු වේගන යනවා. පංගුවක් ආයතන වහලා තියෙනවා. ඇතැම් ඒවා සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කරගෙන යනවා. ඒ පැත්තෙන් බර ජනතාවගේ කර පිට දාන තත්ත්වයක් තමයි යන්නේ. අනෙක් පැත්තෙන් බැලුවහම මේ උපරිම බද්ද කෝටිපති ව්‍යාපාරිකයකුට වුණත් සියයට දාහතරයි. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් මැද අපි කවුරුත් පිළිගන්නවා, ආර්ථික අර්බුදයක් තියෙනවයි කියලා. බර දාන්න ඕන මුලින්ම බර දරන්න පුළුවන් අයට. ඉතින් ඇතිවන ලකුණු අනුව අපිට හිතන්න පුළුවන් ඒ අයට බර දාන්නෙ නැතුව සියයට දාහතරක් උපරිම ආදායම් බදු කියලා කියන්නේ ලෝකෙම අඩුම ආදායම් බද්ද තියන රටක් වෙනවා අපේ රට. ඉතින් ඒ තත්ත්වය වෙනස් කිරීම තුළ ප්‍රසිද්ධියේ දැනුම්දීමක් කරලා නැහැ. ඉතින් මේක රජයේ දෙපාර්තමේන්තුවලටත් කියලා තියෙනවා වියදම කපන්න කියලා.

වියදම කපනවා ඒ කියන්නේ ව්‍යාපෘති නවත්තලා. ඒව හරහා ජනතාවට රැකියා අවස්ථා ලැබෙන එක එන්න එන්නම බහිනවා. ඉතින් මේ වගේ දරුණු තත්ත්වයකට තමයි රට ගමන් කරන්නේ. අපි සමසමාජ පක්ෂය හැටියට අනෙකුත් පක්ෂ දහයක් එක්ක මීට දවස් කිහිපයකට පෙර සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සන්ධානය හිටියට මේ තත්ත්වය හරහා මේ ජනතාවට වැඩි සහනයක් දෙන පිළිවෙළක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන.

බඩු මිල අඩුවෙන නිසි වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉතින් ඒ පැත්තට බර දාලා ජනතාවගේ කරපිට වක්‍ර බදු ආදිය නොදා පුළුවන් තරම් බර දරන්න පුළුවන් කෝටිපතියන්ට තමයි මේ බර දාන්න ඕන කියන ඉල්ලීම අපි සමසමාජ පක්ෂයේ අය හැටියට කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ගැන සාකච්ඡා තියේවි. අපි ඉල්ලලා තියෙනවා සාකච්ඡා. නමුත් තවම අපි එක්ක සාකච්ඡා පවත්වලා නෑ.

– aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?