අයවැයෙන් කිසිම සහනයක් දෙන්න බෑ.. තව බර පටවන්න වෙනවා කියා බැසිල් කිවුවා

ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇතිවෙන තත්ත්වයක් මෝරාගෙන එන්නේ යැයි සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

ඒ මහතා මෙසේ අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් අපවත්වී තෙමසක් පිරීම සහ අදට (14 වැනිදා) යෙදෙන උන්වහන්සේගේ 69වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇල්පිටිය ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ලේ දන් දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ඔහු මෙසේද කීය.

“දැන් තියෙන දේශපාලන තත්ත්වෙ නම් දරුණුයි. පවතින ආර්ථික තත්ත්වය පදනම් කරගෙන දැනටම අයවැය සම්බන්ධව බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා එන අයවැයේ දී ජනතාවට, රටට සහන මුකුත් දෙන්න හම්බ වෙන්නේ නැහැ යම් බරක් පටවන්න සිද්ධ වෙනවා යි කියලා.

ඒ කියන්නේ ඔහු අපි දන්නවා දේශපාලන වශයෙන් දකුණට බරයි. ඇමරිකාවේ පුරවැසියෙක් හැටියටත් ඇමරිකාවේ දේශපාලනයටත් බරයි. මේ තත්ත්වය තුළින් අපිට හිතන්න පුළුවන් ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇති වෙන තත්ත්වය මෝරගන එනවයි කියලා. බඩු මිල පාලනය කිරීමට දැන් හදිසි නීතියක් පනවලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ දීමට යම් පියවර ගන්න. ඒක හරි විදිහට ක්‍රියාත්මක කරොත් නම් ඒකෙන් යම් සහනයක් තියෙයි. නමුත් ඒවා අපි කලින් ඉතිහාසය දන්නවා කියන කතා කෙරෙන දේවල් නෙවෙයි. අපි ප්‍රාර්ථනා කරනවා ඒක හරියට කරයි කියලා. මේ තත්ත්වය යටතේ ආයතන තුළ රැකියා අවස්ථා අඩු වේගන යනවා. පංගුවක් ආයතන වහලා තියෙනවා. ඇතැම් ඒවා සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කරගෙන යනවා. ඒ පැත්තෙන් බර ජනතාවගේ කර පිට දාන තත්ත්වයක් තමයි යන්නේ. අනෙක් පැත්තෙන් බැලුවහම මේ උපරිම බද්ද කෝටිපති ව්‍යාපාරිකයකුට වුණත් සියයට දාහතරයි. දැන් මේ වගේ ආර්ථික අර්බුදයක් මැද අපි කවුරුත් පිළිගන්නවා, ආර්ථික අර්බුදයක් තියෙනවයි කියලා. බර දාන්න ඕන මුලින්ම බර දරන්න පුළුවන් අයට. ඉතින් ඇතිවන ලකුණු අනුව අපිට හිතන්න පුළුවන් ඒ අයට බර දාන්නෙ නැතුව සියයට දාහතරක් උපරිම ආදායම් බදු කියලා කියන්නේ ලෝකෙම අඩුම ආදායම් බද්ද තියන රටක් වෙනවා අපේ රට. ඉතින් ඒ තත්ත්වය වෙනස් කිරීම තුළ ප්‍රසිද්ධියේ දැනුම්දීමක් කරලා නැහැ. ඉතින් මේක රජයේ දෙපාර්තමේන්තුවලටත් කියලා තියෙනවා වියදම කපන්න කියලා.

වියදම කපනවා ඒ කියන්නේ ව්‍යාපෘති නවත්තලා. ඒව හරහා ජනතාවට රැකියා අවස්ථා ලැබෙන එක එන්න එන්නම බහිනවා. ඉතින් මේ වගේ දරුණු තත්ත්වයකට තමයි රට ගමන් කරන්නේ. අපි සමසමාජ පක්ෂය හැටියට අනෙකුත් පක්ෂ දහයක් එක්ක මීට දවස් කිහිපයකට පෙර සාකච්ඡාවක් පැවැත්වූවා. අපි සන්ධානය හිටියට මේ තත්ත්වය හරහා මේ ජනතාවට වැඩි සහනයක් දෙන පිළිවෙළක් හරියට ක්‍රියාත්මක වෙන්න ඕන.

බඩු මිල අඩුවෙන නිසි වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක කරන්නත් ඕන. ඉතින් ඒ පැත්තට බර දාලා ජනතාවගේ කරපිට වක්‍ර බදු ආදිය නොදා පුළුවන් තරම් බර දරන්න පුළුවන් කෝටිපතියන්ට තමයි මේ බර දාන්න ඕන කියන ඉල්ලීම අපි සමසමාජ පක්ෂයේ අය හැටියට කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ ගැන සාකච්ඡා තියේවි. අපි ඉල්ලලා තියෙනවා සාකච්ඡා. නමුත් තවම අපි එක්ක සාකච්ඡා පවත්වලා නෑ.

– aruna

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32