අයගම ප්‍රදේශයේ මවක් සහ සහ පුතෙක් ඇසිඩ් ප්‍රහාරයට ලක්වෙයි

අයගම, කොළඹෑව ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ඇසිඩ් පහරින් 40 හැවිරිදි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් බරපතල තුවාල ලබා සිටි අදාළ කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට මූලික විමර්ශයනගෙන් අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?