AFC Banner
AFC Banner
Empty Ad

අයකරන්න යන කුලී ආදායම් බද්ද ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ ඉහළ කුලී ආදායමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (18) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම කුලී ආදායම් බද්ද අය නොකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
1
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?