අඹුසැමි යුවළ නිවසකට පැන රන් බඩු සොරාගෙන

පුත්තලම ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා පෙරේදා (20) සවස් කාලයේ පුත්තලම නගරයේ නිවසකට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රන් වළලු 04ක්, රන් මාල 02ක්, රන් තැලි 02ක්, රන් පෙන්ඩන්ට් 02ක් රන් මුදු 06ක්, රන් කරාඹු ජෝඩු 05ක් සහ රිදී මුදු 02ක් ඔවුන් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සහ සැකකාරිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 41 සහ 31යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් පුත්තල ප්‍රදේශයේ ම පදිංචි අඹුසැමි යුවළක් වන අතර සැකකරු සහ සැකකාරිය අද (22) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?