අඹුසැමි යුවළ නිවසකට පැන රන් බඩු සොරාගෙන

පුත්තලම ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා පෙරේදා (20) සවස් කාලයේ පුත්තලම නගරයේ නිවසකට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

රන් වළලු 04ක්, රන් මාල 02ක්, රන් තැලි 02ක්, රන් පෙන්ඩන්ට් 02ක් රන් මුදු 06ක්, රන් කරාඹු ජෝඩු 05ක් සහ රිදී මුදු 02ක් ඔවුන් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සහ සැකකාරිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් අවුරුදු 41 සහ 31යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔවුන් පුත්තල ප්‍රදේශයේ ම පදිංචි අඹුසැමි යුවළක් වන අතර සැකකරු සහ සැකකාරිය අද (22) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36