අඹන්පොලින් හමුවුයේ නව කොවිඩ් ප්‍රභේදයක් ද?

කුරුණෑගල අඹන්පොල පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 250කට අධික පිරිස අතරින් මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, එම කොවිඩ් පොකුරේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවය.

අඹන්පොල ප්‍රදේශයේ ඉකුත් ජනවාරි 21 වැනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසති.

එම මංගල උත්සවයේ දෙවන දිනය ජනවාරි 24 වනදා අත්තනගල්ලේදී පවත්වා තිබෙන අතර ඒ අනුව දින දෙකටම සහභාගි වූ මුළු පිරිස 260 කට අධික බව අනාවරණ වී තිබේ.

ආසාදිතයින් ලෙස හඳුනාගත් 136 දෙනා අතරින් 96 දෙනෙකුම මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ අය වන අතර සෙසු ආසාදිතයින් 40 දෙනා අඹන්පොළ ප්‍රදේශයේ අයයි.

එම කොවිඩ් පොකුර වාර්තා වීම ආරම්භ වී තිබෙන්නේ දින දෙකටම සහභාගි වූ මනාලයාගේ ඥාතියෙකු රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීය.

අනතුරුව පළමු දිනයේ උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදී එම 15 දෙනාම ආසාදිතයින් ලෙස වාර්තා විය.

එම 15 දෙනාම විවාහ උත්සව දිනයේ වායුසමීකරණය කරන ලද කාමරයක මත්පැන් පානය කර තිබෙන අතර 15 දෙනාම ආසාදිතයින් වීම හේතුවෙන් ඉන් පළමු ආසාදිතයා කවුද යන්න හඳුනාගැනීමත් අසීරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

තවත් 100 කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත අතර දැනට හඳුනාගත් ආසාදිතයින් 136 දෙනාගේ ආශ්‍රිතයින් 450 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම කොවිඩ් පොකුරේ වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවය.

එම උත්සවයට සම්බන්ධ වූ අඹන්පොළ ප්‍රදේශයේ ආසාදිතයින් 40 දෙනා හඳුනාගෙන තිබුණේ පී.සී.ආර් පරීක්ෂණ 59 කින් වන අතර එය සියයට 67ක වැනි ඉහළ ආසාදිත ප්‍රතිශතයකි.

මේ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මහජනතාව හිතනවා දැන් කොවිඩ් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. මේක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. හැමදාම පැමිණිලි කරනවා. එතකොට අපි වැඩිකරලා දුන්නා 150 කට. අපි මෑතකදී දැකපු දෙයක් තමයි හුඟාක් තැන්වල වෙඩින් නිසා තමයි එක පාරට පොකුරු ඇති වෙනවා. මොකද සියලුදෙනාම වෙඩින් එකේ මුල ටිකේ ඉන්නවා මාස්ක් එක දාගෙන. ඊට පස්සේ කන්න බොන්න ගියාට පස්සේ මාස්ක් කොහේවත් නෑ. මෙතනින් තමයි පටන් ගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බනිනවා මේක පාලනය කරන්නේ නෑ කියලා. මිලියන 21 වෙච්ච ජනතාව පස්සේ අපිට ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නෑ. අපිට මහජනතාව වශයෙන් වගකීමක් තියෙනවා අපේ හැසිරීම ගැන.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09