අමෙරිකා චීන තීරුබදු සාකච්ඡා සාර්ථකයි – එකිනෙකා අඩි පසුපසට ගැනීමටත් එකඟ වෙයි

අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය එකිනෙකාට පැනවූ තීරුබදු දින 90ක කාලයක් සඳහා සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට එකඟ වී තිබෙනවා.

CNN මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර පැවති ආර්ථික සහ තීරුබදු සාකච්ඡා සාර්ථක බවට දෙපාර්ශ්වයෙන් අදහස් පළ කෙරුණු බවයි.

දෙරට විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකට අනුව, ගෝලීය වෙළඳපොළවල් දිරිමත් කර ඇති අනපේක්ෂිත ඉදිරි ගමනක් යාමට මෙම තීන්දුව ගෙන ඇති බවත් සඳහන්.

ලොව විශාලතම ආර්ථිකයන් දෙකෙහි නිලධාරීන් විසින් ස්විට්සර්ලන්තයේ ජිනීවා හි සති අන්තයේ මෙම වෙළෙඳ සාකච්ඡා පැවැත්වූවා.

එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා වන තීරුබදු තාවකාලිකව 145% සිට 30% දක්වා අඩු කරන අතර, චීනය ඇමරිකානු ආනයන සඳහා වන තීරුබදු 125% සිට 10% දක්වා අඩු කරන බව ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්.

චීන උප අගමැති හේ ලයිෆෙන්ග් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර්ගේ නායකත්වයෙන් යුත් “ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා දිගටම කරගෙන යාම සඳහා යාන්ත්‍රණයක්” ස්ථාපිත කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව ප්‍රකාශයේ දැක්වෙනවා.

මෙම සාකච්ඡා චීනය සහ එක්සත් ජනපදය තුළ හෝ පාර්ශ්වයන්ගේ එකඟතාව මත තුන්වන රටක විකල්ප වශයෙන් පැවැත්විය හැකිය. අවශ්‍ය පරිදි, අදාළ ආර්ථික හා වෙළඳ ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම වැඩ කරන මට්ටමේ උපදේශන පැවැත්විය හැකිය,” එය තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34