AFC Banner
AFC Banner
Empty Ad

අමෙරිකාවේ නීතිපතිකම කාන්තාවකට

අමෙරිකා එක්සත් ජනපදයේ නව නීතිපතිවරයා ලෙස කාන්තාවක් එම ධුරයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; බයිඩ්න් පාලනය යටතේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ Matt Gaetz ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නීතිපති ධුරයේ පුරප්පාඩුවක් පැවති බවයි.

ඒ අනුව නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය පාලනය යටතේ නව නීතිපතිවරයා ලෙස Pam Bondi පත් කර තිබෙනවා.

පැම් බොන්ඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ නඩු පැවරීමේ ප්‍රවීණයෙකු ලෙසයි.

බොන්ඩි මීට පෙර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නීතිපතිවරිය ලෙස ද සේවය කළා.

දිගු කාලීන ට්‍රම්ප් හිතවාදියෙකු වූ බොන්ඩි ඇයගේ පළමු සෙනෙට් දෝෂාභියෝග නඩු විභාගයේ දී ට්‍රම්ප්ගේ නීති කණ්ඩායමේ කොටසක් වූ අතර නිව්යෝර්ක් හි මුදල් නඩු විභාගයේ දී පවා උසාවියේ පෙනී සිටීමෙන් නව ජනාධිපතිවරයා හට එදවස සිට සහාය පළ කළ බව ප්‍රසිද්ධ රහසක්.

ට්‍රම්ප් විසින් බොන්ඩ් නීතිපති ධුරයට පත් කරමින් සඳහන් කර ඇත්තේ;

පෑම් සිය වෘත්තීය ජීව්තය වසර 20කට ආසන්න කාලයක් සිදු කළ ප්‍රවීණ නඩු පවරන්නියක්. ඇය ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කළ තැනැත්තියක්. ෆ්ලොරීඩා පවුල්වල ආරක්ෂිකාවක් ලෙස ඇය නීතිය ක්‍රියාත්මක කිරීම තුළ හඳුන්වන්න පුළුවන්..’‘ යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?