අමාත්‍යංශ කිහිපයක වෙනස් වූ කාර්යභාරයන්

අමාත්‍යංශ  කිහිපයක කාර්ය භාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් ඊයේ (10) නිකුත් කර තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථ සාධක සංගමය එක්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල, මහා භාරකාර දෙපාර්තමේන්තුව එක්කර ඇති බව සඳහන් වේ.

ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර ඇත.

 ඒ අනුව එහි කාර්යයන් හා කර්තව්‍යයන් සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතනික හා නෛතික රාමුව අධිකරණ අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි. 

එමෙන්ම පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

සුසිල් ප්‍රේමජන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ඇත.

ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඩී.වී. චානක මහතා කටයුතු කරනු ලබයි.

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය හොබවන කර්මාන්ත අමාත්‍යංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත්කර ඇති අතර ඒ අනුව ඔහු යටතේ පවතින ආයතන ගණන 16ක් දක්වා ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40