අමාත්‍ය සරෝජා පෝල්රාජ් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා තේරී පත් වුණා.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම පසුගියදා (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරීපත් වුණා.

1994 වසරේ දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිගුකාලීන සම්බන්ධතා මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම අවධාරණය කළා.

අංශ ගණනාවක් ඔස්සේ දෙරට අතර බෙදාගන්නා ලද අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරුණා.

සංචාරක, අධ්‍යාපනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ජාතිය ගොඩනැගීම සහ සංහිදියාව ඇති කිරීමේ ක්‍රියාවලීන්හි දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදාගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

මෙම රැස්වීමට ප්‍රථම, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ කතානායකවරයා අතර හමුවක්ද පැවැත් වුණා.

මෙහිදී ජාතික සමගිය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?