අමාත්‍ය කෙහෙළියට එරෙහි නඩුව අප්‍රේල් මස 03

රූපවාහිනි සංස්ථාවට අයත් මුදල් අවභාවිත කොට රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 03 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

මෙම නඩුවට අදාළ ලේඛන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජිතයෙකු විසින් අධිකරණයට රැගෙනවිත් තිබුනා.

එම ලේඛනවල පිටපත් පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥවරු ට ලබා දෙන ලෙසත් අධිකරණය නියෝග කලා.

2014 වසරේ දෙසැම්බර් මස 02 වනදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අනූ දහසක මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?