අම්බලන්ගොඩ තවත් වෙඩි තැබිමක්

(31 )දින අම්බලන්ගොඩ බලපිටිය රෝහල අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා .

මෙලෙස මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 28 ක්වූ වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇත .

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරයි .

මත්ද්‍රව්‍ය හා බැඳුනු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිව තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටද තව දුරටත් පොලිසිය සැකකරනු ලබයි . අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

මේ අතර මීගමුව කොටුව ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවට මීගමුව පොලිස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත .

වෙඩි තැබීමෙන් මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර , තුවාලකරු වයස අවුරුදු 40 ක් වූ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ . එම අවස්ථාවේ ඒ අසලින් මාර්ගයේ ගමන්කරමින් සිටි වයස අවුරුදු 51 ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකුගේ පාදයේ වලලුකර ප්‍රදේශයට ද වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුලත් කර ඇත .

අපරාධය සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක කරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39