AFC Banner
AFC Banner
Empty Ad

අම්බර් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මිල කළ නොහැකි වටිනාකමින් යුත් තල්මස් අම්බර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ 20 දහවල් දෙවිනුවර සරණපාල මාවත ප්‍රදේශයේදී කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එම වැටලීම සිදු කර තිබුණා.

එහිදී තල්මසෙකුගෙන් ලබා ගන්නා ලද මිල කළ නොහැකි අම්බර් කිලෝ 6යි ග්‍රෑම් 380ක් සහ විද්‍යුත් තරාදියක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිස්ස සහ වැලිගම ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 සහ 29 වයස්වල පසුවනවා.

ඔවුන් අද කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම තල්මස් අම්බර් ජාවාරමේ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
4
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?