අම්බර් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

මිල කළ නොහැකි වටිනාකමින් යුත් තල්මස් අම්බර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ 20 දහවල් දෙවිනුවර සරණපාල මාවත ප්‍රදේශයේදී කළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එම වැටලීම සිදු කර තිබුණා.

එහිදී තල්මසෙකුගෙන් ලබා ගන්නා ලද මිල කළ නොහැකි අම්බර් කිලෝ 6යි ග්‍රෑම් 380ක් සහ විද්‍යුත් තරාදියක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිස්ස සහ වැලිගම ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 සහ 29 වයස්වල පසුවනවා.

ඔවුන් අද කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම තල්මස් අම්බර් ජාවාරමේ ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මාතර අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30