අමතර කුකුළු මස් කැබැල්ලක් ඉල්ලූ මිතුරාට මනාලයා පිහියෙන් ඇනලා – මිතුරා ජීවිතක්ෂය

විවාහ සාදයක දී අමතර කුකුළු මස් කැබැල්ලක් ඉල්ලා සිටි තරුණයෙක්ට මනාලයා විසින් පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

තරුණයෙකු විවාහවීමේ සතුට මුල්කරගෙන එම මනාලයා විසින් ඊයේ (14) රාත්‍රියේ පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාදය සඳහා මනාලයා තම මිතුරන් පිරිසකට ද ආරාධනා කර ඇති අතර, ඒ සඳහා විනෝද් මලෂෙට්ටි නැමැති ඔහුගේ මිතුරෙක් ද සහභාගී වී තිබෙනවා.

වාර්තාවලට අනුව, විනෝද් ආහාර පිළිගන්වමින් සිටි කෝකියාගෙන් අමතර කුකුළු මස් කැබැල්ලක් ඉල්ලා ඇති අතර, එහිදී ලබාදුන් කැබැල්ල කුඩා එකක් බවයි ඔහු චෝදනා කර ඇත්තේ.

එම අවස්ථාවේ දී මනාලයා ද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී විනෝද් සහ මනාලයා අතර මේ සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මනාලයා විසින් මුළුතැන්ගෙයි ළූණු කැපීමට භාවිත කරන පිහියකින් විනෝද්ට ඇන ඇති අතර, එම අවස්ථාවේ බරපතළ තුවාල ලැබූ එම තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කර්ණාටක පොලිසිය විමර්ශනයක් ආරඹා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
9
+1
12
+1
5
+1
34
+1
2
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22