අභිරහස් භික්ෂුව යතුරුපැදියේ නංවාගෙන රැස් වෙහෙරට පැමිණි තරුණයා මාට්ටු වෙයි

මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරස්ථානයට පසුගිය 6 වැනිදා උදේ භික්ෂුවක විලසින් වෙස්වළාගෙන ඇතුළු වීමට උත්සහා කළ පුද්ගලයා විහාරස්ථානය අසලට යතුරුපැදියක නංවාගෙන පැමිණි බව කියන තරුණයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම යතුරුපැදිය ද පොලිස් බාරයට ගත් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් සඳහන් කර තිබුණේ.

තමා රාජාංගණයේ සිට වීරඹුගෙදර ප්‍රදේශය බලා යතුරුපැදියෙන් ගමන් කරන අවස්ථාවේ ගල්ගමුව ප්‍රදේශයේදී භික්ෂුවක් යතුරුපැදිය නතර කරවාගෙන එයට ගොඩ වූ බව අත්අඩංගුවට ගත් තරුණයා පැවසූ බවයි පොලිසිය සඳහන් කළේ.

තමා රැස්වෙහෙර රජමහා විහාරස්ථානය අසළට රැගෙන යන ලෙස භික්ෂුව පැවසූ බව ද පොලිස් බාරයට ගත් තරුණයා සඳහන් කර තිබුණා.

රැස්වෙහෙර විහාරස්ථානය ඉදිරිපිටින් බස්සවා භික්ෂුවට වැඳ පිටත්ව ගිය බව ද ඔහු කියනවා.

රජමහා විහාරස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂා කර බලා භික්ෂු වෙස්ගත් පුද්ගලයා පැමිණී යතුරුපැදියේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා මේ තරුණයා පොලිස් බාරයට ගත් බවද පොලිසියේ ප්‍රකාශයක් සඳහන් කළා.

තරුණයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගෙන පසුව ඔහු මුදාහැරිය බව පොලිසිය පැවසුවා.

භික්ෂුවක ලෙස වෙස්වළාගත් මේ පුද්ගලයාගෙන් රජමහා විහාරාධිපති හිමියන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඇඳ සිටි සිවුර හා අඳනකඩය උනා දමා පොහොර උරයකින් නිරුවත වසාගෙන අසළ තිබූ කැලෑවකට පලා ගොස් තිබෙනවා.

පලාගිය පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නැහැ.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
“ලංකාදීප” පුවත්පත…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09